මහර සිදුවීම ගැන සොයන්න කමිටුවක්

මහර සිදුවීම ගැන සොයන්න හිටපු විනිසුරු කුසලා සරෝජනීගේ සභාපතිත්වයෙන් කමිටුවක්

by Chathurika Jayasundara 30-11-2020 | 5:55 PM

COLOMBO ( News 1st ) :  මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කමිටුවක් පත් කර ඇත. 

ඒ , විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් ය.