මහර බන්ධනාගාර සිද්ධියෙන් රැඳවියන් 6ක් මරුට

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6ක් මරුට..

by Staff writer 30-11-2020 | 7:31 AM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6 දෙනෙකු මියගොස් ඇති බව, පොලීසිය පවසයි. මේ අතර තවත් රැඳවියන් 35ක් හා නියාමකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.