පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි..

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි..

by Staff writer 30-11-2020 | 8:11 AM

COLOMBO (News 1st) - පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව, ප්‍රවාහන බලධාරීන් පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.බී. වීරසූරිය මහතා පැවසුවේ, අද සිට සාමාන්‍ය කාලසටහන් පරිදි බස් රථ ධාවනයට එක් කරන බවයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන බව, ඔහු පැවසුවේය. මේ අතර, අන්තර් පළාත් බස් රථ සේවා ද අද සිට සාමාන්‍ය කාලසටහන් වලට අනුව, ධාවනයට එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු බස් රථ ධාවනය කළ යුතු බවයි. මේ අතර, පසුගිය සතියේ ධාවනය වූ පරිදි අද සිට දුම්රිය ධාවනයට එක් කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.