මීගමුව බන්ධනාගාරයේත් රැඳවියන් 04 දෙනෙකු විරෝධතාවක

නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 04 දෙනෙකු විරෝධතාවක

by Staff writer 30-11-2020 | 4:09 PM

COLOMBO ( News 1st  ) :  මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලයක් මත නැග විරෝධාතවක නිරත වේ.

ඒ, නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමින් ය. පොලීසිය පැවසුවේ, රැඳවියන් 4 දෙනෙකු එලෙස විරෝධතාවයේ නිරත වන බවයි. මීගමුව බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය. විරෝධතාවයේ නිරත පිරිස හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන්නන් බව පොලීසිය පවසයි.