දිගන යළිත් භූ චලනයක්

දිගන කම්පනය රික්ටර් මාපකයේ ඒකක 2 ටත් අඩු අගයක

by Staff writer 30-11-2020 | 4:39 PM

COLOMBO ( News 1st  ) :  මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ ඇතිවූ කම්පන තත්ත්වය රික්ටර් මාපකයේ ඒකක 2 ටත් අඩු අගයක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, එය පල්ලෙකැලේ සහ මහකනදරාව භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල සටහන්ව ඇති බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අඹකොටේ, සහ අලුත්වත්ත යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ මෙම භූ කම්පනය දැනී තිබේ. මෙය මාස 3 ක් ඇතුළත මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ පස්වැනි භූ කම්පනයයි. පසුගිය අගෝස්තු මස 29 වනදා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා 3 කදී මහනුවර - ගුරුදෙණිය , රජවැල්ල . තලාතුඔය ආශ්‍රිතවත් හාරගම සහ අනුරගම යන ප්‍රදේශවලත් මෙවැනි සුළු භූ කම්පන වාර්තා විය.