ජැෆ්නා ස්ටැලියන්ස්ට විශිෂ්ට ජයක්..

තිසරගෙන් සුපිරි ඉනිමක්: දඹුල්ල වයිකිං පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස්ට විශිෂ්ට ජයක්..

by Staff writer 30-11-2020 | 10:31 PM

COLOMBO ( News 1st  ) : " ලංකා ප්‍රිමියර් ලීග් " පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ "දඹුල්ල වයිකිං " කණ්ඩායම සමග අද පැවැති තරගය " ජැෆ්නා ස්ටැලියන්ස් " කණ්ඩායම ලකුණු 66 කින් ජය ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය "දඹුල්ල වයිකිං" කණ්ඩායමට පන්දුවාර 19 යි එක් පන්දු අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 152 ක් පමණයි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ . කාසියේ වාසිය හිමි කරගත් "දඹුල්ල වයිකිං" ක්‍රිකට් නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 කි. ලකුණු 64 ක් තුළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ක් බිඳ වැටුණි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගිය අතර මිනෝද භානුක ලකුණු 6 යි. ධනංජය ද සිල්වා ලකුණු 16 කට දැවී ගියේ ය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 44 කින් නොදැවී ලකුණු 97 ක් රැස් කරමින් බිඳ වැටුණු ඉනිම ශක්තිමත් කළේ ය. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් ය. සමිත් පටෙල් කඩුළු 2 ක් බිඳ හෙළුවේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි "දඹුල්ල වයිකිං" කණ්ඩායම පළමු කඩුළු 3 ලකුණු 63 කදී බිඳ වැටුණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 20 කට දැවී ගිය අතර උපුල් තරංග ලකුණු 15 යි. සමිත් පටෙල් ලකුණු 41 කට දැවී ගියේ ය.