
ගොවීන්ට හිඟ, බලධාරීන්ට කිසිදු හිඟයක් නැති පොහොර
ගොවීන්ට හිඟ, බලධාරීන්ට කිසිදු හිඟයක් නැති පොහොර
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මතුව ඇති පොහොර හිඟය හේතුවෙන් මහ කන්නයේ අස්වැන්න අඩුවිය හැකි බව ගොවීහු පවසති.
අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, මෙවර මහ කන්නය සඳහා අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක දැඩි පොහොර හිඟය පවතින බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ දමන පන්නල්ගම ප්‍රදේශයේ පමණක් කුඹුර අක්කර 4000ක් පමණ වගා කෙරෙයි.
ගොවීන් පවසන්නේ මෙවර යූරියා හා මඩ පොහොර ලැබීම ප්‍රමාද වූ බවයි.
පොළොන්නරු මැදිගිරිය කවුඩුල්ල ගොවිජන ව්‍යාපාරයට අයත් දියසෙන්පුර ප්‍රදේශයේ මෙවර අක්කර 1200ක් පමණ වගා කර තිබේ.
නමුත් පොහොර ලැබී ඇත්තේ අක්කර 400කට පමණක් බව ගොවීහු පවසති.
කෙසේ වෙතත් පොහොර හිඟයක් පවතින්නේ දැයි, අප කළ විමසීමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කසුන් මහතන්තිල මහතා ප්‍රකාශ කළේ, රට තුළ කිසිඳු පොහොර හිඟයක් නොමැති බවයි.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පොහොර ප්‍රවාහනයට බාධා එල්ලවීම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
කසුන් මහතන්තිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ , පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් පවතින බවයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි