විදේශයන්හි සිරවී සිටි ලාංකිකයින් 372ක් දිවයිනට..

විදේශයන්හි සිරවී සිටි ලාංකිකයින් 372ක් දිවයිනට..

by Staff writer 29-11-2020 | 1:00 AM

COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 372 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යාභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැමිණි ලාංකිකයින් 04 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 07 දෙනෙකු ද අද පැමිණි අය අතරට අයත් ය. මාලදිවයිනේ, මාලේ අගනුවර සිට දිවයිනට පැමිණි ලාංකිකයින් සංඛ්‍යාව 69 කි. ඔවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.