වැස්ස සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්..

වැස්ස සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්..

by Staff writer 29-11-2020 | 2:43 PM

COLOMBO (News 1st) - වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි තත්ත්වයත් සමග නැගෙනහිර පළාතේ ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. පසුගිය සතියේ මඩකලපුව ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු වාර්තා විය. මේ වසරේ මේ දක්වා කාලය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු මියගොස් රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී තිබේ.