රේගුවේ තිබෙන කහ කන්ටේනර් 62 ක් යළි ඉන්දියාවට

රේගුවේ තිබෙන කහ කන්ටේනර් 62 ක් යළි ඉන්දියාවට

by Staff writer 29-11-2020 | 8:08 AM

COLOMBO (News 1st) : රේගුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කහ කන්ටේනර් 62 ක් නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, දඩ මුදලක් අය කරගෙන ඒවා ප්‍රති අපනයනය කරන බවයි. රඳවා ගත් බහාලුම්වල කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් තිබෙන බව ඔහු සඳහන් කළේ ය. මේ වනවිට කහ මෙරටට ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කර තිබේ. මේ අතර මෙරටට ගෙන ඒමේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කහ ටොන් 30 න් 10 ක් ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව කරන ලද ඉල්ලීමකට අනුව මුදල් අමත්‍යාංශයෙන් විසින් ලබා දී තිබේ.