UPDATE මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් රැඳවියෙකු මරුට..

මහර බන්ධනාගාරයේ කලහකාරි සිදුවීමෙන් රැඳවියෙකු මරුට: තිදෙනෙකුට තුවාලයි

by Chathuranga Rajapaksha 29-11-2020 | 6:20 PM

COLOMBO (News 1st) / UPDATE 6.50PM: මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට, බන්ධනාගාර නිලධාරීන් බලය යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එහිදි එක් රැඳිවියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ සහයට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ. මේ අතර බන්ධනාගාරය අවට ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

COLOMBO (News 1st) 6.20PM - මහර බන්ධනාගාරය තුළ කලහකාරි තත්ත්වයක්, සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවය.