බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් ගණන 1091ක් වෙයි

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1091 දක්වා ඉහළට

by Staff writer 29-11-2020 | 5:57 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1091 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාර කොමාසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අද දිනයේ තවත් ආසාදිතයින් 183 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බවයි. ඔවුන් සියලු දෙනා මහර බන්ධනාගාරයේ රැඳවියන් වේ. ඔහු සඳහන් කළේ, මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයින් 386 දෙනෙකු වාර්තා වන බවයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 157 කි. මේ වනවිට කොරෝනා ආසාදිත බන්ධනාගාර නිලධාරීන් ගණන 58 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය. මේ දක්වා කාලය තුළ සුවය ලැබු සමස්ත බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 කි.