පැය 24 ක් තුළ නිරෝධායන නීති කැඩූ 70ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ නිරෝධායන නීති කැඩූ 70ක් අත්අඩංගුවට

by Staff writer 29-11-2020 | 12:27 PM
COLOMBO (News 1st) : මුහුණු ආවරණ නොපැළඳීම හා දුරස්ථභාව පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 70 දෙනෙකු පසුගිය පැය 24 කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සඳහන් කළේ, මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. තවදුරටත් එම වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.