හෙට හුදෙකලා කරන ප්‍රදේශ..

තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5.00 සිට Lockdown.

by Chathurika Jayasundara 29-11-2020 | 8:17 AM

COLOMBO (News 1st) : තවත් ප්‍රදේශ කිහිපයක් හෙට(30) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdown) කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඒ අනුව, එම ප්‍රදේශ මෙසේය. මට්ටක්කුලිය පොලිස් වසම 1. රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය 2 . ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය වැල්ලපිටිය පොලිස් වසම 1.ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය 2. සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම 3. විජයපුර ග්‍රාම නිලධාරී වසම