ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-11-2020 | 6:06 AM
දේශීය පුවත් 1. ලබන සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට… – ලබන සඳුදා (30) සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. 2. දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක් – බත්තරමුල්ල, දියවන්නා ඔයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. 3. ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව අවසන්:රටවල් 3 අතර ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟතා.. – ඉන්දියානු සාගර කලාපය වෙත අවධානය යොමු කරමින්, සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව අරමුණු කර ගත් ත්‍රෛපාර්ශවික ආරක්ෂක සමුළුව ඊයේ (28) කොළඹදී පැවැත්විය. 4. කොරෝනා හඳුනා ගැනීමට අවශ්‍ය ටෙස්ට් කිට්ස් නිපදවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පර්යේෂණ : කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් ටෙස්ට් කිට්ස් නිපදවීම සඳහා පර්යේෂණ පවත්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසයි. 5. PCR මග අරින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය – PCR පරීක්ෂණ සඳහා යොමු වීමට කර ඇති නියෝග නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. විදෙස් පුවත් 1. ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මෝසෙන් ෆක්රිසාදේ ඝාතනය කෙරේ – ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මෝසෙන් ෆක්රිසාදේ ඝාතනය කර තිබේ.