ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්:මුහුදු යාමෙන් වළකින්නනැයි ධීවරයින්ට උපදෙස්..

by Staff writer 29-11-2020 | 1:39 PM

COLOMBO (News 1st) : ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කර දිවයිනේ උතුරු වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් ඇති බවයි. නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවරයින්ට දැනුම් දෙයි. ඌව , මධ්‍යම , සබරගමුව සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.