කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් වෙයි..

කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට: සුවය ලැබූ සංඛ්‍යාව 16,000 ඉක්මවයි..

by Staff writer 29-11-2020 | 8:45 AM

COLOMBO (News 1st) : ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා විය.

මිය ගොස් ඇත්තේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවකි. ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට මිය ගිය සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගියේ ය. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැණුනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සොයා ගත් ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,988 ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16656 කි. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 6225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.