PCR මග අරින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය

PCR මග අරින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය

by Staff writer 28-11-2020 | 12:48 PM

COLOMBO (News 1st) - PCR පරීක්ෂණ සඳහා යොමු වීමට කර ඇති නියෝග නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පුද්ගලයින්ගේ නිවාස මුද්‍රා තැබීමට පියවර ගන්නා බවය. මේ අතර PCR පරීක්ෂණවලට සහභාගී නොවන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කළ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන්ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට ගෙන ඇත.