ජැෆ්නා ස්ටැලියන්ස්ට සුපිරි ජයක්..

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි..

by Staff writer 28-11-2020 | 8:09 AM

COLOMBO (News 1st) - " ලංකා ප්‍රිමියර් ලීග් " පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ගෝල් ග්ලැඩියේටර්, කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 175කි. නායක ෂහීඩ් අෆ්රිඩී ලකුණු 58ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් ලබා ගත් අතර තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.