වනජීවී නිලධාරීන්ගේ වර්ජනය අවසන්

වනජීවී නිලධාරීන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන්

by Staff writer 28-11-2020 | 10:09 PM

COLOMBO (News 1st) - වෘත්තීය සමිති අටකට අයත් වනජීවී නිලධාරීන් ඊයේ ආරම්භ කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද අවසන් විය.

වැඩ වර්ජනය හේතුවෙන් වයඹ වන ජීවී කලාපය භාර වන අලි මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් තඹුත්තේගමදී ඊයේ නවතා දැමුණු වන අලි මෙහෙයුම අද යළි ආරම්භ කළේය. වන ජීවී නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට විෂය භාර අමාත්‍ය සීබී රත්නාය මහතා එම භූමියට පැමිණියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු වනජීවී නිලධාරීන් සුපුරුදු පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ජාතික වන උද්‍යානවල හා වනජීවී කාර්යාලවල සේවය සදහා අද උදෑසන පැමිණියේය. රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සංකේත වර්ජනයට එක්වූ හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් ද අද සිය රාජකාරි ආරම්භ කර තිබේ.