'පට්ටලේ සමීර'පන්නිපිටියේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන 'පට්ටලේ සමීර' පන්නිපිටියේදී අත්අඩංගුවට

by Staff writer 28-11-2020 | 1:04 PM

COLOMBO (News 1st) -  මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන රුක්ෂාන් සමීර මධුශංක හෙවත් 'පට්ටලේ සමීර' නැමැත්තා පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කුඩු ලාල්' සහ 'මහවත්තේ ප්‍රීමා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කර ඇති බවයි. 35 හැවිරිදි සැකකරු සතුව තිබී මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 14 ක් ද සොයාගෙන ඇත. එම මෙහෙයුම සිදු කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.