කොරෝනා: ටෙස්ට් කිට්ස් නිපදවීමට පර්යේෂණ..

කොරෝනා හඳුනා ගැනීමට අවශ්‍ය ටෙස්ට් කිට්ස් නිපදවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පර්යේෂණ

by Staff writer 28-11-2020 | 7:12 PM

COLOMBO ( News 1st ) : කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් ටෙස්ට් කිට්ස් නිපදවීම සඳහා පර්යේෂණ පවත්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , හැකි ඉක්මණින් ඉතා සහනදායි මිලකට ඒවා ලබා දීමට හැකි වනු ඇති බවයි.

පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක

'මේ වෙනකොට ඉතාමත්ම සාර්ථක පර්යේෂණ මට්ටමේ යනවා අපේ කොරෝනා ටෙස්ට් කිට් එකක්. ඒක කොරෝනා පරීක්ෂණය හඳුනා ගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක්. හුඟාක් ලාභදායක ඒ වගේම ක්ෂේත්‍රයට ගිහිල්ලා කරන්න පුළුවන් ඉතා පහසුවෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පරීක්ෂණ මේ වෙනකොට පැවැත්වේගෙන යනවා. අවශ්‍ය නම් දවසකට 400ක 500ක වුණත් පී.සී.ආර්. ප්‍රමාණයක් කරලා දෙන්න පුළුවන් රජයේ අවශ්‍යතාවය මත''
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික සමුළුව අද පැවැත්වුණේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කොරෝනා හේතුවෙන් වසා තිබෙන විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කළේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති චාර්ය සම්පත් අමරතුංග මහතා
"මෙවැනි බෝවෙන රෝගයක් රටේ තියෙන අවස්ථාවක ශිෂ්‍යයන් දෙදහසක් සිටින නේවාසිකාගාරයකට එවැනි උවදුරක් ඇති වුණොත් මම හිතන්නේ ඒක රටකට දරාගන්න බැහැ. ඒ නිසා තමයි දරුවන් ගෙදර තියලා උගන්නගෙන යන කටයුතු කරන්නේ''