බත්තරමුල්ලට අද පැය 12ක ජල කප්පාදුවක්

අද රෑ 9.00 සිට බත්තරමුල්ලට පැය 12ක ජල කප්පාදුවක්..

by Staff writer 28-11-2020 | 8:21 AM

COLOMBO (News 1st) – බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද(28) රාත්‍රී 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.