විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි..

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි..

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි..

කර්තෘ Staff writer

28 Nov, 2020 | 8:09 am

COLOMBO (News 1st) – ” ලංකා ප්‍රිමියර් ලීග් ” පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ගෝල් ග්ලැඩියේටර්, කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 175කි.

නායක ෂහීඩ් අෆ්රිඩී ලකුණු 58ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් ලබා ගත් අතර තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]