
ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මෝසෙන් ෆක්රිසාදේ ඝාතනය කෙරේ
ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මෝසෙන් ෆක්රිසාදේ ඝාතනය කෙරේ
කර්තෘ Staff writer
News 1st – ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මෝසෙන් ෆක්රිසාදේ ඝාතනය කර තිබේ.
ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී ඔහු ගමන්ගත් රථය ඉලක්ක කළ සන්නද්ධ ත්රස්තවාදීන් පිරිසක් ඔහුව ඝාතනය කර ඇති බවයි.
මෙහිදී ෆක්රිසාදේගේ ආරක්ෂක භටයින් සහ ත්රස්තවාදීන් අතර හටගත් ගැටුමෙන් ඔහු තුවාල ලැබුවේ ය.
මෙම ක්‍රියාව දැඩිසේ හෙළාදුටු ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් ප්‍රකාශ කළේ, ප්‍රහාරයට ලක් වූ න්‍යෂ්ටික විද්‍යාඥයා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල වෙත රැගෙන යමින් තිබියදී මිය ගිය බවයි.
2010 – 2012 කාලය තුළ ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් 4 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර එරට පවසන්නේ ඊශ්‍රායාලය මෙම ඝාතන මෙහෙය වූ බවය.
ඉරානයේ රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහනකට ෆක්රිසාදේ සම්බන්ධ බවට බටහිර බුද්ධි අංශ සැකපළ කර තිබේ.
2014 වසරේදී එක් බටහිර රාජ්යතාන්ත්රිකයකු රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ, ඉරානය කිසියම් දිනක න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට යොමුවුවහොත් ෆක්රිසාදේ ඉරාන බෝම්බ නිර්මාණයේ පියා ලෙස හැඳින්වෙනු ඇති බවය.
කෙසේ වෙතත් සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු මුල්කර ගනිමින් සිදු කෙරෙන බව ඉරානය පවසයි.
ඉරානය යුරේනියම් බලගැන්වීම ඉහළනංවා ඇති පසුබිමකදී මෙම විද්‍යාඥයාගේ මරණය වාර්තා වීම විශේෂත්වයකි.
සිවිල් න්‍යෂ්ටික බලගැන්වීම සහ හමුදා න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට මෙම බලගැන් වූ යුරේනියම් යොදා ගැනේ.
2015 වසරේදී ඉරානය ලෝක බලවතුන් 6 දෙනෙකු සමග එලඹි ගිවිසුමෙන් එරට යුරේනියම් බලගැන්වීම සීමා කෙරුණු නමුත් ජනපති ට්‍රම්ප් 2018 වසරේදී මෙම ගිවිසුමෙන් ඉවත්වීමත් සමග ඉරානය යළි සිය න්‍යෂ්ටික වැඩසටහනේ කටයුතු ආරම්භ කළේ ය.
මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් සඳහන් කළේ, ලබන ජනවාරියේ වැඩ භාරගැනීමෙන් පසු ඉරානය සමග යළි සබඳතා අරඹන බවයි.
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..