සේවක ප්‍රවාහන සේවාවක් අද සිට

සේවක ප්‍රවාහන සේවාවක් අද සිට

by Staff writer 27-11-2020 | 9:10 AM

COLOMBO (News 1st) – සේවක ප්‍රවාහන සේවාවක් අද සිට ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ , ඒ සඳහා මේ වනවිට බස් රථ 150 ක් පමණ සේවයට එක් කෙරෙන බවයි. ඊට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන 20 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ද ඔහු පැවසුවේ ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, අදාළ බස් සේවාව අද නවම් මාවතේ සිට නුවර පාර, ගාලු පාර, හයිලෙවල් මාර්ගය, ලෝලෙවල් මාර්ගය හා හලාවත මාර්ගය ආශ්‍රිතව ක්‍රියාත්මක බවයි. සෑම දිනකම උදෑසන 8.30 වනවිට ඒ ඒ ආයතන ආසන්නයට බස් රථ පැමිණිමට නියමිත අතර පස්වරු 4.00 ට බස් රථ ඒ ඒ ප්‍රදේශ කරා පිටත්ව යාමට සැලසුම් කර තිබේ . සාමාන්‍ය ගාස්තු ගෙවා අදාළ බස් රථවල ගමන් කිරීමට කාර්ය මණ්ඩල සේවකයින්ට අවස්ථාව හිමිවන බව ද ඔහු සඳහන් කළේ ය.