සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

by Staff writer 27-11-2020 | 10:23 AM

COLOMBO (News 1st) – මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.

සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි. මීට අමතරව සී.ඩී වික්‍රමරත්න මහතා බැට්ෆොර්ට් විශ්වවිද්‍යාලයෙන් සහ හාර්වඩ්  විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ. 2019 අප්‍රේල් 28 වැනිදා සිට සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ද සී.ඩී වික්‍රමරත්න මහතා ය.