ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධානයට නව පාලක ලේකම්වරයෙක්

ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධානය අරඹමින් නව පාලක ලේකම්වරයෙක් පත් කෙරේ

by Staff writer 27-11-2020 | 7:36 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ආරම්භ කරමින් අද නව පාලක ලේකම්වරයෙකු පත් කර තිබේ.

එලෙස පත්වීම් ලැබුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සනත් වත්තේගෙදර මහතායි. ඊට අදාළ පත්වීම් ලිපිය අද ඔහු වෙත ප්‍රදානය කෙරුණේ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතිනි. තොරතුරු තාක්ෂණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන සනත් වත්තෙගෙදර මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ද අත්දැකීම් සතු අයෙකු වන අතර සමාජ සේවා, ප්‍රවාහන හා විශේෂ ව්‍යාපෘති යන අමාත්‍යංශවල මාධ්‍ය ලේකම් ධුරය ද හොබවා තිබේ.