වැලිකඩ රැඳවියන් පිරිසක් වහල උඩ විරෝධතාවක

වැලිකඩ රැඳවියන් පිරිසක් වහල උඩ විරෝධතාවක

by Staff writer 27-11-2020 | 4:38 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවක නිරත වේ.

බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් එම රැඳවියන් විරෝධතාවයේ නිරත වන බවයි. රැඳවියන් 10 දෙනෙකු පමණ විරෝධතාවයට එක් ව ඇති අතර ඔවුන් සියලුම දෙනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම සිටින අය බව චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.