වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

මහාචාර්ය වජිර දිසානායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ධුරයට

by Staff writer 27-11-2020 | 4:02 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.

ඒ, මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයායි. හිටපු සභාපති මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වජිර දිසානායක මහතා නව සභාපති ලෙස අද පත් කෙරුණි.