තව ත් කොරෝනා ආසාදිතයින් 251 ක්

තව ත් කොරෝනා ආසාදිතයින් 251 ක් හඳුනා ගනී

by Staff writer 27-11-2020 | 5:39 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22,279 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොරෝනා ආසාදිත 410 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,226 කි. ආසාදිතයින් 5,954 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 99 කි. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින් 31දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 821 ක් දක්වා ඉහළ යනු ඇති. බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිත වුවන්ගෙන් 92 දෙනෙකු මේ වනවිට සුවය ලබා සිටි.