ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහා නා හිමි බැහැදකී

ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහා නා හිමි බැහැදකී

by Staff writer 27-11-2020 | 6:30 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපුජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ විමල මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

රාමඤ්ඤ මහානිකායේ මහ නා හිමියන් වැඩ වෙසෙන මීරිගම විද්‍යාවාස පිරිවෙනට ජනාධිපතිවරයා පැමිණියේ අද පෙරවරුවේදීය. උන්වහන්සේට සුභාශිංසන පිරිනැමූ ජනාධිපතිවරයා සුවදුක් විචාරමින් පිළිසඳරක ද නිරත විය. ශාසනික, ආගමික හා ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ සඳහා තම රජයේ පූර්ණ සහය ලැබෙන බව ද ප්‍රකාශ කළේ ය. මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද කළේ සෙත් පිරිත් සජ්ජායනා කරමිනි.