ලංගමයෙන් කොවිඩ් සහන රක්ෂණ අරමුදලක්..

කොවිඩ් සහන රක්ෂණ: ලංගම බසයක ගොස් කොවිඩ් ආසාදනය වුවහොත් රු.10,000ක්, මිය ගියොත් රු. 50,000ක වන්දියක්..

by Staff writer 27-11-2020 | 8:36 AM

COLOMBO (News 1st) –ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා ''කොවිඩ් සහන රක්ෂණ අරමුදල'' නමින් විශේෂ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ .

ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ, ලංගම බස් රථයක ගමන් කිරීමේදී කොවිඩ් ආසාදනය වුවහොත් එම ආසාදිත මගියාට රුපියල් 10,000 ක ගෙවීමක් සහ යම් මගියකු කොවිඩ් ආසාදනය වීමෙන් මියගියහොත් ඔහුට රුපියල් 50,000 ගෙවීමක් සිදුකරන බවයි. මෙම ආරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මගීන් තමන්ගේ ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බව ද ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය. ලංගම බසය ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට කොවිඩ් විශේෂ බලකාය, ලංගම බුද්ධි අංශ, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරු මගින් තහවුරු කළ පසු මෙම මුදල් ගෙවීමට කටයුතු කෙරෙනු ඇති.