කොවිඩ් ආසාදිත තවත් මරණ 03 ක්....

කොවිඩ් ආසාදිත තවත් මරණ 03 ක්.... සමස්ත මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළට ....

by Staff writer 27-11-2020 | 7:27 AM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ඊයේ ( 26) මිය ගොස් ඇති බවයි. කොවිඩ් ආසාදනය සමග බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම මරණයට හේතු වී තිබේ . බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 25 වැනිදා මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මරණයට හේතුව අධික රුධිර පීඩනය , නිව්මෝනියාව සහ කොවිඩ් ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ද අධික රුධිර පීඩනය , දියවැඩියාව සහ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනිදා කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ යනු ඇති.