Mask නොපැළඳු 72 ක් අත්අඩංගුවට

Mask නොපැළඳු 72 ක් අත්අඩංගුවට

by Staff writer 26-11-2020 | 11:31 AM

COLOMBO (News 1st) - මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 72ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.