COLOMBO (News 1st) -විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍ය ධුරයකත්, චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයකත් අද දිවුරුම් දුන්නේය.
ඒ අනුව, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ආමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද පෙරවරුවේ දිවුරුම් දුන් බවය.
ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් වීරසේකර අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇති.
අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙක් ලෙස කටයුතු කළ කීර්තිමත් නිලධාරියෙකි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසට ද ඔහු කලක් කටයුතු කළේ ය.

මේ අතර චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවේ, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද පෙරවරුවේ දිවුරුම් දුන් බවය.
