තව ත් ශ්‍රී ලාංකිකයින් 92 ක් දිවයිනට

විදේශයන්හි සිරව සිටි තව ත් ශ්‍රී ලාංකිකයින් 92 ක් දිවයිනට

by Staff writer 26-11-2020 | 10:20 AM

COLOMBO (News 1st) - කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරව සිටි තව ත් ශ්‍රී ලාංකිකයින් 92 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ලාංකිකයින් 42 දිවයිනට පැමිණි බවයි. කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු ද දිවයිනට පැමිණ ඇත. ඔවුන් සියලුදෙනාටම පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාරයභාර කළමනාකාරවරයා පැවසීය. මීට අමතරව ඕමාන් සිට තව ත් ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතය.