වරායේ සියලු පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

by Staff writer 26-11-2020 | 4:21 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සහ සෙසු සේවා කටයුතු ක්‍රමිකව සාමාන්‍ය අතට පත්වෙමින් ඇතැයි,  ශ්‍රී ලංකා  වරාය  අධිකාරිය පවසයි.

වරාය අධිකාරිය මේ බව සඳහන් කළේ , සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී පර්යන්ත සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළදී වරාය පර්යන්තවල මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල විය. වරාය අධිකාරිය ගනු ලැබූ සෞඛ්‍යාරක්ෂිත පියවර හේතුවෙන් සියලු මෙහෙයුම් හා සේවා කටයුතු උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් ඇතැයි,  අදාළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය. පාරිභෝගිකයන්ට වරාය සේවා සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ කිසියම් ගැටලුවක් ඇතිනම් 0112 320 405 / 071 688 94 52  යන  දුරකතන අංක අමතා තොරතුරු විමසිය හැකියි.