පාපන්දු ක්‍රීඩක මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 26-11-2020 | 7:31 AM

News 1st - කීර්තිමත් පාපන්දු තරුවක් වන ආජන්ටිනා ජාතික ඩියේගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූ ඔහු බුවනෝස් අයර්ස්හි පිහිටි සිය නිවසේදී හටගත් හෘදයාබාධයකින් මියගිය බව සඳහන් ය. මිය යන විට ඔහු මොළයේ හටගත් රුධිර කැටිගැසීමකට අදාළ සැත්කමකට ද සාර්ථකව මුහුණ දී තිබූ අතර මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේ ය. ආර්ජන්ටිනාව 1986 වසරේදී පාපන්දු ලෝක ශූරතාව ජයගන්නා විට එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ මැරඩෝනායි. මැරඩෝනා සදාකාලික බව පවසමින් සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෝල් මෙසී ඇතුළු ආජන්ටිනා පාපන්දු සම්මේලනය, ආජන්ටිනා ජනාධිපති ඇතුළු පුද්ගලයින් රැසක් ඔහුව සිහිපත් කළහ. 1997 වසරේදී වෘත්තීයමය පාපන්දු ක්‍රීඩාවට සමුදුන් මැරඩෝනා සිය වෘත්තීය දිවියේ දෙවන අර්ධයේදී කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේ ය.