'නිවාර්' බලපෑම නිසා උතුරට හා වයඹට වැසි..

නිවාර් සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරට හා වයඹට වැසි ඇතිවිය හැකියි...

by Staff writer 26-11-2020 | 7:53 AM

COLOMBO (News 1st) - නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 - 70 දක්වා වැඩි විය හැකි බවය.