
සරත් වීරසේකරට කැබිනට් ඇමති ධුරයක්, චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..
සරත් වීරසේකරට කැබිනට් ඇමති ධුරයක්, චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) –විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍ය ධුරයකත්, චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයකත් අද දිවුරුම් දුන්නේය.
ඒ අනුව, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ආමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද පෙරවරුවේ දිවුරුම් දුන් බවය.
ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් වීරසේකර අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇති.
අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙක් ලෙස කටයුතු කළ කීර්තිමත් නිලධාරියෙකි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසට ද ඔහු කලක් කටයුතු කළේ ය.
මේ අතර චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවේ, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද පෙරවරුවේ දිවුරුම් දුන් බවය.
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..