RDA සේවිකාවට පහර දීම:ඉංජිනේරුවාට ඇප

UPDATE: RDA සේවිකාවට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඉංජිනේරුවාට ඇප

by Staff writer 25-11-2020 | 3:39 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ(RDA) උඩුගම්පොළ කාර්යාලයේ සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබේ.

කාර්යාලයේ සේවිකාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(24) සංසරණය වුණු අතර මේ හේතුවෙන් ඔහු අද(25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිට වූ බව බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසුවේ ය. ⁣ මෙම සිදුවීම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඊයේ(24) වාර්තා කළ අයුරු..