හොර පාරෙන් රැගෙනවිත් පුත්තලමෙන් මතු වූ කහ..

හොර පාරෙන් රැගෙනවිත් පුත්තලමෙන් මතු වූ කහ..

by Staff writer 25-11-2020 | 8:05 AM

COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි. අප වාර්තාකරු පැවසුවේ පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී කහ තොගය පොලිස් භාරයට ගත් බවයි. අප වාර්තාකරු පැවසුවේ කහ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් දෙදෙනා පුත්තලම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.