නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

by Staff writer 25-11-2020 | 7:42 AM

COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ නිවාර් චණ්ඩ සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කිලෝමීටර් 230 ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින බවයි. ඉදිරි පැය 24 ක කාලය තුළ එය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට හරහා ගමන් කරනු ඇතැයි අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.