කොරෝනා ආසාදිතයින් 485ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයින් 485ක් සුවය ලබති

by Staff writer 25-11-2020 | 4:26 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් 485 දෙනෙකු අද පස්වරුවේ සුවය ලැබී ය. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15 447කි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 967 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. වෛරසය ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5426 කි. මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 94 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.