
මන්ත්‍රී රිෂාඩ් ඇප මත මුදා හැරේ
මන්ත්‍රී රිෂාඩ් ඇප මත මුදා හැරේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද ඇප මත මුදා හැරිණ.
ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 10 ක ශරීර ඇප 2 ක් මතයි.
රටපුරා හා බන්ධනාගාර තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාම සුවිශේෂී කරුණක් ලෙස සලකා එම සැකකරුට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශගතවීම වළක්වන නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමේ ඇප කොන්දේසියට යටත්ව ඇප නියෝගය නිකුත් කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රජයට අයත් රුපියල් ලක්ෂ 95 කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
- පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..
- තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි
- ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..
- කොරෝනා එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැක – ලලිත් වීරතුංග
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට සහභාගී වන්නැයි දැනුම් දීමක්..
- මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට
- කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..