නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට මහ වැසි..

නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට මහ වැසි..

නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට මහ වැසි..

කර්තෘ Chathura Sooriyabandara

25 Nov, 2020 | 8:18 am

COLOMBO (News 1st) – නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ධාරාණිපාත වැසි ඇද හැළෙමින් පවතී.

අද පෙරවරුව වනවිට නිවාර් සුළි කුණාටුව ඉතා දැඩි සුළි කුණාටුවක් විය හැකි බවට ඉන්දීය කාලගුණ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව උදෑසන 11.30 පමණ වනවිට මෙම තත්ත්වය උදාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි පැය 24 තුළ නිවාර් සුළිකුණාටුව දැඩි චණ්ඩ සුළිකුනාටුවක් විය හැකි බවටත්, ඉදිරි පැය 24 තුළ එය ඉතා චණ්ඩ විය හැති බවටත් , ඉන්දීය කාළගුණයෙන් අනතුරු අඟවා තිබේ.

ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ගලවා ගැනීමේ භටයින් 1,200 ක් සුළගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා යොදාවා තිබේ.

ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ප්‍රධානියා සඳහන් කළේ, ඉතා දැඩි බලපෑම් සහිත නරකම තත්ත්වයකට වුව ද ඔවුන් සූදානම් බවයි.

පවතින තත්වය හේතුවෙන් අද දිනයේදී තමිල්නාඩුවට මහජන නිවාඩු දිනයක් සහ තෙලංගනා ප්‍රාන්තය සඳහා ද නිවාඩු දිනයක් ප්‍රකාශයටපත් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]