සමාජ මාධ්‍ය පකිස්ථානයෙන් ඉවත් වීමට සැරසෙයි

Google, Facebook සහ Twitter පකිස්ථානයෙන් ඉවත් වීමට සැරසෙයි

by Staff writer 24-11-2020 | 9:45 PM

News 1st - රජය විසින් තර කර ඇති දැඩි නීති හා වාරණ හේතුවෙන් ගූගල්, ෆේස්බුක්, සහ ට්විටර් යන සමාජ මාධ්‍ය ජාල පකිස්ථානයෙන් ඉවත් වීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් මාධ්‍ය රොගුලාසි සම්පාදනය කරන බලධාරීන් වෙත දැඩි බලතල පැවරීමත් සමග මේ තත්ත්වය උද්ගතව තිබේ. නව රෙගුලාසි යටතේ ඉස්ලාම් ධර්මයට අනනුකූල දෑ, ත්‍රස්තවාදයට අනුබල දීම, ද්වේශසහගත ප්‍රචාර වැනි එරට ජාතික ආරක්ෂාවට තර්ජිත දේ ප්‍රකාශ කිරීම වරදකි. එවැනි වරදකදී එම මාධ්‍ය ආයතනයට හෝ අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 3.14 ක් වන්දියක් ගෙවීමට සිදු වනු ඇත. ගූගල්, ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය ජාල පැවසුවේ, තමන් මෙම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවයි.