JUST IN : පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5ක් ඇප මත මුදා හැරේ

by Staff writer 24-11-2020 | 2:32 PM
COLOMBO (News 1st) : රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද ඇප මත මුදා හැරිණ. ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී. ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරිණ. පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.