කුරියර් සේවයක් සිරසට රැගෙන ආ එන්තරවාසිය

කුරියර් සේවයක් සිරසට රැගෙන ආ එන්තරවාසිය

by Staff writer 24-11-2020 | 8:19 PM

COLOMBO (News 1st) - "ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්" පුද්ගලික සමාගම එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ලබාගත් ඒකපාර්ශවික වාරණ නියෝගය පිළිබඳව අප ඊයේ(23) වාර්තා කළෙමු.

එම ඒකපාර්ශවික වාරණ නියෝගය ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම පිළිබඳව ''ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම", එහි සභාපතිවරයා සහ ප්‍රධාන නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම වළක්වමිනි. කෙසේ වෙතත් නඩුවක් ගොනු කිරීමට පෙර ලැබිය යුතුව තිබූ එන්තරවාසිය එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට ලැබුණේ අද සවස 4.00 ටයි. පෞද්ගලික කුරියර් සේවයක් හරහා එය එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණි.